ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

බත්තලන්ගුන්ඩුව - baththalangunduwa


මේ කොහෙද මේ සතියේ යන්නේ ..? " ඔන්න ආවා ප්රශ්නය.. #තිරික්කලේ සෙට් එකේන් එන ප්රශ්නය.. හොයලා බලලා එහම ආවා එක පාරම තැනක්.. කස්ටියම අත උස්සලා කැමති වුනා.. තැන බත්තලන්ගුන්ඩුව. ලංකාවේ තියන තවත් එක් දූපතක්. ගමන ස්ථීර වුනා. ඔක්කම 7ක් ඉන්නවා යන්න. අසේල (ආදරේට ආරී), ඇස්කොට් , UD (රෝන්දේ), මයිටා, බූරා(අලියා), මුදිතයා ( ග්රාමසේවක මහත්තයා). අපි උදේ 3ට නිට්ටඹුවෙන් පිටත් වුනේ කල්පිටිය යන්න. කල්පිටිය ධීවර වරායේ ජැටියෙන් තමයි බෝට්ටුවට නගින්න පුලුවන්. ජැටියට වාහනේ ඇතුල්කරන්න නතර කරලා තියන්න පොඩි මුදලක් ගෙවලා ප්රවේශපතක් ගන්නට නම් වෙනවා. ඒ වුනාට මෙතන ආරක්ෂාව අතින් හොදයි. බෝට්ටුව උදේ 8.30 ට පිටත් වෙනවා. පැය තුනක ගමනක්. දුපත් කීපයක් මැද්දෙන් වැටුන ලස්සන ගමනක්.. හොදට නිදාගන්නත් පුලුවන්.. ගෙනියන බඩුබාහිරාදිය පහල කොටසේ තියන්න පුලුවන්. හැබැයි වතුර එකක් නම් ලග තියගන්න. ගමනේදී දකුනු පැත්තෙන් කුවේනි කන්ද දිගටම පේනවා. ඒ වගේම දුපත් කීපයක් , ගගේ වාඩිය වගේම වාසනාව තියනව නම් ඩෝල්ෆින් එහම දකින්නත් පුලුවන් . අපි නම් එකෙක් දැක්කා. හම ගැන හමේ පාට ගැන හිතන්නේ නැතිනම් බෝට්ටුවෙ වහලේ උඩ යන එක නම් සිරාවටම සුපිරි අත්දකීමක්. අපි 12 වගේ වෙනකොට දූපතට ලගා වුනා. අපි කලින්ම කතා කරලා වැඩ ඔක්කම සෙට් කරගත්තේ දූපතේ ඉන්න අමිල අයියට කියලා. පල්ලිය සහ පොලීසිය එක ලගම තමා තියෙන්නේ. එතන තියන ඇනීටා අක්කගෙ කඩෙන් දවල්ට බත් එකක් කන්න අමතක කරන්න එපා. ඇනීටා අක්කගෙන් යුද්ධ විස්තර එහම රසට අහගන්න පුලුවන්. අව්ව පායනකන් කාලා එහම පොඩ්ඩක් නිදන් ඉදලා අපි ඇවිදින්න ගත්තා. හවස පොලීසියේන්ම තේ බීලා එහම රෑට ඉන්න මුහුද ගාව කදවුරු ගහගත්තා. දූපත වටේම ඇවිදින්න.. ඒක අපූරු අත්දැකීමක්.. මෙහෙ වතුර නම් නෑ. මොකද අවුරුදු එක හමාරකින් වැස්ස නෑ. වතුර බැරල් තමයි කල්පිටිය ඉදලා අරන් එන්නේ. එකක් 500ක් වගේ වෙනවා. හැබැයි මුහුද අයිනේ වලවල් හාරපුවාම ඉස්සර නම් හොද වතුර ආව කීව. දැන් නම් ටිකක් ලුනු ගතිය වැඩී. ඒ නිසා බොන්න වතුර නම් අනිවාර්යයෙන් අරන් යන්න. දූපත ඇතුලේ සිල්ලර කඩ 4ක් වගේ තියනවා.. ලොකු මිල වෙනසක් නෑ. එදා එහම දවස ගෙවපු අපි පහුවදා ස්පීඩ් බෝට්ටුවක් අරන් තමා ආවේ වෙනසකට. පැයෙන් ගොඩ. හැබැයි එක වාරයකට රු 7000ක් වගේ අය කරනවා. හැබැයි වෙනස්ම අත්දැකීමක්.විස්තර ගොඩක් කියන්න බෑ.. ගිහින්ම බලන්න.. මතක තියගන්න *බෝට්ටුව පිටත් වෙන්නේ උදේ 8.30 *ටිකට් එක 250 *පුලුවන් තරම් වතුර අරන් යන්න. *ලැබුන වෙලාවක පොලිස් මුරපොළ වෙත ගිහින් ගොඩවෙලා කතා කරලා එන්න. * එහෙන් දවල් 1.30 ත් 2.30 ත් අතර වගේ කල්පිටිය බලා පිටත් වෙන බෝට්ටුව තියෙන්නේ. *ඉරිදට නම් බෝට්ටු සේවය නෑ.එදාට එනව නම් ස්පීඩ් බෝට්ටුවෙ තමා එන්න වෙන්නේ. * ස්පීඩ් බෝට්ටුවෙ නම් පැයක් වගේ තමා යන්නේ. *දූපතේ කඩ තියෙනවා. ආදරෙන් මතක් කරන්න ඕනා සමන්ත අයියා, අමිල අයියා,ජෝන් අයියා වගේම පොලිස් ස්ථානය භාර ඒ පොලිස් මහත්වරුන් ටික දෙනාවත්. ගිහින් බලන්න වෙනස්ම අත්දැකීමක් එක් කරගන්න ජීවිතේට. ආදරෙන් ඉල්ලන්නේ හැමදාම වගේ මේ ස්ථාන රැකගැනීමට හානියක් නොකිරීමට වගබලාගන්න.. සැබෑ ශ්රීලාංකිකයකු ලෙස රටට ආදරෙන් සංචාරය කරන්න.. අපි #තිරික්කලේ ..

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com




























































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්