ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

තෙල්ගමු ඔය (thelgamu oya river)

ඔන්න තවත් ලිපියක් අරන් ආවා මාතලේ පිටවල පතන හා මානිගල සවාරියේ ලිපි පෙලේ ..මේ දිගාරින්න යන්නේ පස්වන ලිපිය. බඹර කිරි ඇල්ල, රිවස්ටන් ,පිටවල පතන හා පුංචි ලෝකාන්තය වගේම අවසාන ලිපිය වුන සේර ඇල්ල ලිපියත් එක්ක අපි ලිපි හතරක් ගෙනාවා.අපි නම් සේර ඇල්ල ලග ඇති පදමට ඒ සුන්දරත්වය විඳගෙන එහම තමයි එතනින් පිටත් වුනේ.. අපේ සැලසුම තිබුනේ පහුවදා උදේම මානිගල නගින්න.. දිය ඇල්ල ලගින් දොඩම් එකක් එහම බීලා පිටත් වුනේ. මග පුංචි කඩේකින් ඕන බඩු ටිකක් ගත්තා.. ගැමියන්ගේ අව්යාජ බව අපිට දැනුන හොද අවස්ථාවක් ඒක.. කඩේ මාමා තමා කීවේ රාත්රී කදවුරු ගහන්න හොද තැනක්.. ඒක හොයන් ඔන්න පිටත් වුනා. සේර ඇල්ල ගාව ඉදලා අපසු එන්න ඕනා මානිගලට යන්න නම්.. ඒ කියන්නේ ඇටන්වල ගමට එන්න ආපහු එන්න ඕනා.. රිවස්ටන් ඉදලා එනකොට පුංචි ලෝකාන්තය පහු කරලා 8Km ක් වගේ යන්න ඕනා..එතකොට සේර ඇල්ල ගියා වගේ නෙවෙයි දකුනු පැත්තට තියන පාරවල් වලට තමයි හරවන්න ඕනා..පුවරු නම් පාර දිගට තියනවා..පාර ඒ වගේම හොද තත්වයක තියනවා.. අනිවාර්යයෙන් ගම්වැසියෙක්ගෙන් අහගන්න.එදා හවසම අපිට #මානිගලනගින්න බැරි නිසා පහුවෙනිදා මානිගල නගින්න හිතන් අපි #තෙල්ගමු ඔය ලග රෑ කදවුරු බැදගත්තා. මෙතන වතුර පාර වගේම සුදුසු ගල් තලාවකුත් තිබුනා කදවුරු බදින්න සූදානම් කරලාම වගේ.. වතුර ටිකක් නාගෙන ටිකක් සතුටු වෙන්න කියාපු තැනක්. ගමට මෙතැන ඉදලා 2KM ක් වගේ තියෙන්නේ. බොහෝ පිරිසක් මෙතන තියෙන සුන්දර්ත්වය නිසාම එන බවක් නම් අපිට තේරුනා.. මොකද එදින රෑ අපි විතරක්ම නෙවෙයි එතන කදවුරු බැදගත්තේ. මානිගල තරණය කරපු එක ගැන ලිපියට කලින් මේ ලිපිය ගෙනාවේ කාට වුනත් ගිහින් දවසක් ගතකරලා පොඩි වෙනසක් අරන් එන්න පුලුවන් තැනක් නිසා.. වාහන නවත්වන්න පහසුකම් වුනත් තියනවා. ආදරෙන් ඉල්ලන්නේ පොලීතීන් ප්ලාස්ටික් අරන් යන්න එපා.. අරන් ගියත් මතක් කරලා ඒවා අරන් එන්න.. ඒ අපේ ඉල්ලීම.. වචන වලට වඩා චායාරූප ටික ගොඩක් දේවල් විස්තර කරාවි.. යන්න අත්දැකීම් අරගන්න... අපිත් එක්ක ඉන්න මේ වගේ තව විස්තර ගොඩක් අරන් එන්න අපි සූදානම්.. අපේ මේ #රෝන්දේ ගිය #තිරික්ක්ලේ සවාරිය. අපි සුපුරුදු #තිරික්කලේ.

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com


































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්