ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

මානිගල (maanigala mountain)


ටිකින් ටික ලිපියෙන් ලිපිය අත්දැකීම් බෙදාහදා ගෙන ඔන්න පිටවල පතන මානිගල ලිපි පෙලේ අවසාන ලිපියට ආවා.රිවස්ටන් ,මාතලේ ,පිටවල පතන කීවාම ඒවාත් එක්කම අපිට මතකෙට එන තව නම් ටිකක්,දේවල් ටිකක් තියනවා. මීදුම,සීතල ,කූඩැල්ලන් වගේම කඳු පන්තිය . වැඩි කාලයක් මීඳුමෙන් සහ සීතලෙන් නොඅඩුව සංග්රහ කරන දුම්බර මිටියාවත කූඩැල්ලන්ගෙන්ද හොද සංග්රහයක් කරනවා. ඒ වගේම පිටවල පතනට ගියාම දැකගන්නට පුලුවන් කදුකරයේ ඉදන් පටන් අරන් කෙමින් තැනීතලාවට තුනී වන කදු පන්තිය. ලකේගල ,තුන්හිස්ගල ,ගොම්මානිය ,මානිගල ,පතනේගල වගේ කදු ඒ අතරින් ප්රසිද්ධ ඒවා..මේ අතරින් උසින් අඩු ලගින්ම තියන මානිගල තරනය ගැන විස්තර තමයි #තිරික්කලේ අපි මේ ලිපියෙන් දිගාරින්න හදන්නේ. රිවස්ටන් පහු කරන් පිටවල පතන හරහා පුංචි ලෝකාන්තයත් පහු කරන් 8Km ක් විතර පල්ලම් බහින්න ඕනා. එහම ඇවිත් ඇටන්වල ගමට එන්න ඕනා එතන ගග ලග තමා අපි රෑ කදවුරු බැදලා නැවතුනේ.පහුවෙනිදා උදේම කන්ද නගින්න අපි සැලසුම් කරේ.මේ පාරේ මගී ප්රවාහන බස් සේවාවක් තියනවා. හැබැයි කාල වේලාවන් නම් හොයාගන්න බැරිවුනා. පුංචි ලෝකාන්තය පහු කරන් පහලට එනකොට තියන තුංමන්හන්දියෙන් දකුනට තමයි එන්න ඕන. ඒ පාරේ එනකොට පාර අයිනෙම තියන පිට්ටනිය එහම පහු කරන් ඇවිත් හමුවෙන තුංමන්හන්දියෙන් වමට හරවන්න ඕන.ඒ පාර දිගේ ටික දුරක් එනකොට දකුනට පහලට පාරක් තියනවා.. හැබැයි ගමේ කාගෙන් හරිම අහන්න. ගග ලග වාහන නවත්වන්න වගේම හරවගන්න වුනත් ඉඩකඩ තියනවා. ගග ලග කදවුරු බැදගත්ත අපි උදේම බඩුබාහිරාදිය ඔක්කම අහුරලා වාහනේට දාලා එතන සුද්ධ පවිත්ර කරලා ගමන පිටත් වුනා.පයින් තමා මෙතන ඉදලා ගමන.ගගෙන් එහා පැත්තේ නිසා ගමට යන්න පුලුවන් මෝටර් බයිසිකල් විතරයි. ගග ලග ඉදලා 1Km විතර ගියාම ගමට ලගාවෙන්න පුළුවන්. වෙල් යාය මැදින් යනකොට ඈත තියෙන පන්සල හරි ලස්සනට පේනවා. වෙල් යාය අවසානයේ තියන කඩුල්ල ලගින් වමට හැරිලා යන්න ඕනා.. ගෙවල් කීපයක් තියනවා ඒ මැදින් යන්න.අපිට නම් පාර කීවේ හිතේ කහටක් නැතුව හිනා වෙලා අපිට කතා කරපු සීයා කෙනෙක් සහ ආත්තම්මා කෙනෙක්.සරල ගැමි ජීවිතේ ගැනත් එයාලා රසට කීවා.. සීයා නම් බරටම වැඩ.හැබැයි වයස 98ක් කීවම පුදුම හිතුනා. අපි ඊටත් වඩා පුදුම වුනේ අපිට පාර පෙන්නන්න එන්නද අහපුවාම. ඒ අව්යාජ බවට ස්තුතියි කියමින් අපි පිටත් වුනා.. ආපහු බැස්සට පස්සෙත් එයාලගේ සත්කාරය අමතක නොවන විදිහට ලැබුනා. අපි උඩට යන්න පිටත් වුනා එතනින්. එක පාරක් නම් පාර වැරදුනා. ආපහු සොයාගෙන උඩටම ගියා. පටන් ගන්න තැන ඉදලා ටික දුරක් ආවාම දකුනට තියන පාර. මේවා පොඩි අඩිපාරවල්. පාර උඩටම තියනවා. හොයන් යන්න පුළුවන් . ලස්සන කැලෑ රොදවල් කිහිපයක්ම තුලින යන්න තියනවා. උඩට ගියාම තියන සුන්දරත්වය ගැන කියන්න විස්තර කරන්න හැමදාම වගේ මගේ අකුරු පද වාක්යය ගබඩාව මදි. අපේ චායාරූප පොඩි උදව්වක් කරාවි. පහලින් ගමත් ඈතට විහිදෙන කදු පන්තිය වගේම කදු මුදුනේ ඈතට විහිදෙන තැනිතලාව මවන ලස්සන මේ වචන වලට හරවන්න බෑ. ඉතිං අපේ ගමනේ අවසාන ලිපිය. #තිරික්කලෙන්ගිය #රෝන්දේ. ආපහු ආව අපි තෙල්ගමු ඔයෙන් හොදට නාගෙන ආයෙම ප්රාණවත් වුනා. ඒ සුන්දර ගමන මතක ගොඩක් එක්ක අපි අවසන් කලා. මගින් ගිය තිළිණ , #රෝන්දේ ආව UD, අසේල, රුවන් , පොඩ්ඩා, ඇස්කොට් සහ මයිටා #තිරික්කලෙන් මේ ගමන් ගියේ. එහනම් ආරාධනා කරනවා ගිහින් මේ සුන්දරත්වය විඳගන්නට. ආදරයෙන් ඉල්ලනවා පරිසරයට ආදරේ කරන කෙනක් විදිහට සංචාරය කරන්න. ඒ තිරික්කලේ අපේ ඉල්ලීමයි.. තවත් ලිපි පෙලකින් මුණගැහෙමු. අපි සුපුරුදු #තිරික්කලේ

































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්