ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

කොත්මලේ ජලාශය ,වේල්ල සහ මහවැලි මහා සෑය.

අපගේ අනික් ලිපියකින් කොත්මලේ පැත්තට ගියපුවහම බලන්න පුලුවන් ලස්සන ස්ථානයක් ගැන අපි කිවා. ඒ කඩදොර විහාරය.. එතකොට ගොඩක් අයට හිතෙන්න පුලුවන් කොත්මලේ ගියපුවහම බලන්න තියෙන්නේ ඒක විතරයි කියලා.අන්න ඒ නිසයි අපි මේ ලිපිය අරන් එන්න හිතුවේ. ඒ අවට ඒ ලගම බලන්න තියෙන දේවල් ස්ථාන කිහිපයක් ගැන විස්තර මේ ලිපියෙන් දැනගන්න පුළුවන් ...

කොත්මලේ ජලාශය ඉතාම සුන්දර දර්ශනයක් කියලා යාකොටම ඔයාලට තේරුම් යාවි. ඒක නිසා වචන වලට ඒ සුන්දරත්වය පෙරලන්න මේවා ලියන අපිට තාම අමාරුයි. එකට සමාවන්න ඕනා..කොත්මලේ ජලාශය සහ ඒ අවට  නරඹන්න අංගනයක් වේල්ල අසලින් ටිකක් පාරේ උඩට වෙන්න යනකොට තියනවා. ඒ කියන්නේ වේල්ලට යන තැන පහුකරන් ටිකක් ඉස්සරහට යන්න වෙනවා. එතනට ඇතුල්වීම සදහා සුළු මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලදීගනන වෙනවා. නරඹන්න අංගනය වගේම කෞතුකාගාරයක්ද මෙහි තිබෙනවා. ජලාශය ඉදිවුන හැටි සහ ඒ වටා වුන වැදගත් සිද්ධීන් පිළිබඳ විශාල වැදගත් විස්තර රාශියක් මෙතනින් ලබාගන්න පුළුවන්.
ඊළඟට කියන්නම් මහවැලි මහා සෑය ගැන.. කෞතුකාගාරය ගාව ඉදලා පයින් යන්න පුළුවන් දුරක තමයි තියෙන්නෙත්. පහුගිය අවුරුදු කිහිපයක් තුල ඉදිවුන මෙය අපි යනකොටත් අවසාන අදියරේ වැඩ අවසන් කරමින් තිබුනේ.. මේ වෙනකොට නම් කොත පළන්දා සියලුම වැඩ අවසන් කොට හමාර කොට බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍රවෙනවා.. මෙය ඉතා උස ස්ථානයක පිහිටා තිබෙන නිසා අලංකාර ලෙස ඉදිකර තිබෙන නිසාත් නරඹන්න යායුතුම තැනක්.. මෙතනට අවට වටපිටාව ඉතා හොදහැටි නරඹන්න පුළුවන්.ඉතා පුළුල් භුමි දර්ශනයක් මෙතනට ගියපුවහම බලාගන්න පුළුවන්.ඒ වගේම විඩාව නිවාගන්න ගන්න වගේම සනීපාරක්ෂක පහසුකම් සියල්ලම සලසා දී තිබෙනවා..
දැන් කියන්නම් කොත්මලේ ජලාශයේ වේල්ල ගැන. මහ මාර්ගයේ ගාව ඉදලා පොඩිම පොඩි දුරක් යන්න තියෙන්නේ. වාහන වුනත් ඇතුල් කරන්න පුළුවන්. හැබැයි වේල්ල මත මාර්ගයේ නවත්වන්න තහනම්. ඒ නිසා වාහනේ මාර්ගයේ නවත්වා යන්න.. ඇවිදන් යන එක අපුරු අත්දැකීම් එකතු කරාවි.. මෙතන ඇවිදින කොට පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.. මොකද වාහන නිතරම එහා මෙහා යනවා..
යන විදිහ කියන්නම් දැන්.. අපේ කඩදොර ලිපිය බැලුව නම් අලුතින් කියන්න දෙයක් නම් නෑ. මෙහමයි නුවර ඉදලා ගම්පොළ නගරය පහුකරන් උලපනේට එන්න.. එතන මංසන්දියෙන් වම පැත්තට තියන කොත්මලේ පාරෙන් තමයි යන්න ඕනා.නුවර ඉදලම තියෙන්නේ 40Km වගේ. පැයයි විනාඩි 40න් වගේ යන්න පුළුවන්..ඇත්තටම නුවරින් වගේම ගම්පොළ ඉදලා වේල්ල මතින් ගමන් කරන බස් සේවයක් තියනවා. ඒ නිසා බස් එකේ ගිහින් එන්න පුළුවන් ගමනක්..  උදේම යනවා නම් එකටම මහවැලි මහා සෑය එකටම බලාගෙන කෞතුකාගාරයට ඊලගට ගිහිල්ලා අවසානයට වේල්ල නරබන්න එන්න.. එතකොට වේල්ල උඩ කාලය ගත කරලා එතැනින්ම එන බස් එකකින් නුවරට ගොඩ වෙන්න පුළුවන්.. වාහනයක යනවා නම් ප්‍රශ්නයක් නෑ.. එහනම් නිවාඩුවක් ලැබුනම ගිහින් බලන්න.. තිරික්කලේ අපි හතර නම් ඒ සුන්දර මතක ජීවිතයට එකතුකරගෙන ආවා..





















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්