ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Lipton Seat


ආතක් පාතක් නැතුව යන්න දිහාවක් නැතුව කොහෙ හරි යමන් කියලා අපි ලැබුන නිවාඩුවට ඇවිදින්න තැනක් හිත හිත අපි දෙන්න පාරට ආවේ.. බස් දිහා බලන් ඉදලා අන්තිමට තීරණය කර තැනකට යන්න..ඒ ලංකාවේ වගේම විදේශිකයන් අතරත් එක විදිහට ජනප්‍රිය lipton seat බලන්න යන්න.. හවස 4 බස් එකට නගිනකොටම. තිස්සමහාරාමයේ ඉදන් වීරවිල හරහා වැල්ලවායට ඇවිත් එතනින් බෙරගල පාරේ කොස්ලන්දට ඇවිත් පහුවෙනිදා පාන්දර තිරික්ක්ලේ සෙට් එක හපුතලේ බලා පිටත් වුනා..වාහනේක යනවා නම් හපුතලේට ගිහින් දබතැන්න පාරේ ගියාම හරි. හපුතලේ ටවුමේ ඕන කෙනක් පාර කියාවි අහපුවාම. බස් එකේ යනවා නම් හපුතලේ දබතැන්න බස් තියනවා විනාඩි 30න් 30ට.. දබතැන්නට විතරක් නෙවෙයි lipton seat ලගටම යන්න පුළුවන් බස් දෙකක් තියනවා. හපුතලේ ඉදලා රුපියල් 30ක දුර.. යන පාර පුදුම ලස්සනක්.. අපි දබතැන්න තේ ෆැක්ටරිය ගාව ඉදන් ත්‍රීවීලර් එක්කින් උඩට ගියේ.. ඒකට නම් රුපියල් 700ක් වගේ ගන්නව..ඒ වගෙම ප්‍රවේශපත් වලට 30ක් වගේ ලංකාවේ අයගෙනුත් ,විදේශිකයන් සදහා 50ක් වගේ අගයකුත් ගන්නවා..7km ක වගේ දුරක් තියනවා පහල ඉදලාම.. 
ඉතින් lipton seat ගැන කියනවා නම් මෙතනට ගියාම දැකගන්න ලැබෙන්නේ පුදුම ලස්ස්න දර්ශනයක්..හැබැයි මීදුම් වැස්ස නැති දවස්ක් වෙන්න ඕන. අපිට ඒ වාසනාව තිබුනා..කියන විදිහට නම් පලාත් 5ක් වගේ පේනවා.ඒ අත්දැකීම් ගිහිල්ල ගන්න ඉතුරු කරන්නම්.. විස්තර කරන්න අමාරුයි.. මෙතන පොඩි කඩයක් තියනව උනු උනු රොටියක් කාලා තේ එකක් බොන්න පුළුවන් විදිහේ.. හිතට දැනෙන හැගීම් අකුරු වලට පෙරලන්න අමාරුයි.. අපි ගියේ ත්‍රීවීලර් එකේ වුනාට අපි ආවේ පයින්ම තමයි.. තේ වතු මැදින් එනකොට වැඩි දුරක් නෑ වගේම ඒ ලස්ස්නත් එක්ක මහන්සියක් දැනෙන් නැති තරම්..ගිහින් බලන්න.. වාහන නැතිනම් බස් එකේ හරි.. ලංකාවේ තවත් එක් සුන්දරත්වය උපරිම තැනක්.. අපිත් එක්ක අලුතින් එකතු වුන රුවන් අයියා වගේම පවන් මල්ලිවත් මතක් කරන්න ඕන.. අපි නම් සුපුරුදු තිරික්ක්ලේ සෙට් එක.. යන්න ගිහින් හානියක් නොකර මේ සුන්දරත්වය විදගන්න..

https://www.facebook.com/thirikkale

























No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්