ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

සුරතලී ඇල්ල (surathali water fall)

බෙලිහුල් ඔය පැත්තේ යනවා නම්  අතරමගදී පොඩ්ඩක් ගමන් මහන්සිය  එහම නිවාගන්න පුළුවන් සුන්දර  ස්ථානයක් ගැන තමයි  කියන්න යන්නේ.. ඒ සුන්දර සුරතලී ඇල්ල.. ප්‍රධාන මාර්ගයේ ඉදලා  මීටර් 50 ක් වගේ තමයි මෙතනට යන්න තියෙන්නේ. සොයාගන්න  ඒ තරම් නම් අමාරු වෙන්නේ  නෑ.. මොකද ප්‍රධාන මාර්ගයේම තොරතුරු පුවරුවක් සවි කරලා තියනවා.. ඒක නිසා හොයාගන්න හරි ලේසියි. අපිත් ඉතිං ගොඩ වුනා වැඩිය හිතන්නේ නැතුවම.

වතුර පාර දිගේ  වගේම වතුරෙනුත් බැහැලා යන්න පුළුවන්. අපි යනකොට නම් ලොකු වතුර  පාරක් තිබුනේ නෑ.. පායන කාලයක් නිසා තමයි එහම.එහම වුනා කියල මෙයා කඩන් හැලෙන ලස්සන නම් අඩුවක් වෙලා නෑ කියලා අපිට තේරුනා ලගට  යනකොටම. වතුර නම් පුදුම සීතලයි.. නාන ගමන් නොමිලයේම මාලුන්ට කියල පොඩි මසාජ් එකක් දාගන්නන්ත් පුලුවන් මෙතන අවටත් පුදුම ලස්සනක්.


ගමන් මහන්සිය නිවාගෙන කෑම ටිකක් එහම කාලා නැවතිලා යන්න  මෙතන නම් ගොඩක් ගැලපෙනවා. මෙතනින් යන වෙලාවක පුළුවන් නම් පොඩ්ඩක් නැවතිලා මේ සුන්දරත්වය දැකගෙන විදගෙන යන්න ගොඩවන්න. හැබැයි  පා සටහන් විතරක් තියලා යන්න. මේ සුන්දර ස්ථානය රැකගන්න උදව් වෙන්න.ඔන්න අපේ ගමනේ ඡායාරුප ටිකක් අපි එකතු කරලා තියනවා පොඩි අදහසක් ගන්න..

 














No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්