ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

මීමුරේ තවත් දවසක්. (meemure 2)

මීමුරේ සංචරයේ ඔන්න ත්වත් එක දවසක් ගැන කියන්න පෙන්නන්න තමයි අද මේ අපි ආපහු සූදානම් වෙන්නේ.. සුන්දර නිස්කලංක රෑකට පස්සේ අපි පිටත් වුනා පොඩි අලුත් අත්දැකීම් ටිකක් මගේ යාළුවෝ එක්ක එකතු වෙලා ලබාගන්න... අපේ මග පෙන්වන්නා වගේම නඩේ ගුරා මයුර. ඒ කියන්නේ අපේ බයිටා..

ඔන්න ඉතිං කියපු වෙලාවටම වැඩ කරන අපේ අයව ලෑස්ති කරන් අමාරුවෙන් එලියට බහිනකොට ටිකක් වෙලාව ගිහින්.. අපි ගමේ ලස්සන සුන්දරත්වය එතකොටියි හරියටම දැක්කේ.. මොකද කලින් දවසේ කළුවරේ තමයි අපි ආවේ.. ගැමි සුන්දරත්වය මොන තරම් අපූර්ව දෙයක්ද කියල අපිට හොදට දැනුනා වගේම තේරුණා හොදට...
හෙල්මළු ආකාරයට තිබෙන කුඹුරු එලවළු කොරටු මැදින් තමයි අපේ ගමන් මාර්ගය තිබුනේ.. නියරවල් දිගේ `ඇළ දියකඩිති උඩින් පුදුම ලස්සන ගමනක් තමයි අපිට තිබුනේ.. ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන සූරිය අරණ චිත්‍රපටයේ පසුතලයන් ගොඩක් සදහා මේ ගමේ ස්ථාන තමයි අරන් තියෙන්නේ.

ඒ වගේම ලස්සන ස්ථාන ගොඩක් බලන්න තියනවා. අපේ නම් අද දවසම ගෙවන්න යොදා ගෙන තිබුනේ අමුතුම විදිහේ අලුත් අත්දැකීම් ටිකක් එකතු


කරගන්න.   අපේ යාළුවා මයුර ඒ කියන්නේ බයිටා තමයි ඔක්කම සූදානම් කලේ. හැබැයි මේ ඔක්කම ගොඩාක් ආරක්ෂාකාරී විදිහට. ඒ “යමං”  කන්ඩායම් සහයෝගය. ලිස්සන්න, උසක ඉදන් වතුරට පනින්න වගේ ගොඩාක් දේවල් අපිට කරන්න ලැබුණා. ලොකු අත්දැකීම් ටිකක් බයක් නැතුව ලබාගන්න පුළුවන් වුණා “මීමුරේ යනවා නම් යමං එක්ක” කියන එක ඇත්තක් කියලා අපිටත් තේරෙන තරමටම.
ගැමි සුන්දරත්වය විදගන්න පුළුවන් වෙලාවක යන්න.. සොදුරු අත්දැකීම් ගොන්නක් එක්කාසු කරගන්න නම් අපි නම් කියන්නේ “යමං” එක්ක මීමුරේ යන්න.. අපි ආරාධනා කරන්නේ කොහම හරි එන්න.. හැබැයි මේ සුන්දරත්වයට හානියක් නම් කරන්න එපා. ඒක හරිම අහිංසක ඉල්ලීමක්.. අපි තිරික්කලේ වෙනුවෙන් මයුර ඒ කියන්නේ බයිටා උබට ගොඩක් ස්තූතියි කරනවා..






















 

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්