Tuesday, December 20, 2016

වැඩසිටි කන්ද



"කොහේ  හරි යන්න වෙලාවක් කලාවක් තියනව.. ඒකට මුන්ට .. පිස්සු.." ගමන යන්න පිටත් වෙන්න හදනකොටම අහපු කතාව.. හැබැයි කතාව සාදාරනයි.. වෙලාව 11ත් පහු වෙලා.. යන්න හදන තැන කියනව නම් තිස්ස, කතරගම වැඩසිටි කන්ද.
දැන් තේරනවනේ අර වගේ කතාවක් අහපු එක සාධාරණයි කියලා..
අපි තුන්දෙනා යනකොට නම් 12 වගේ වෙලා.. අපේම හෙවනැල්ල හොදට පෑගෙනව.. අපි බස් එකේ තමයි ගියේ.. තිස්ස කතරගම බස් එක්ක කතරගම පැත්තට ගිහින් වැඩසිටි කන්දට යන තැනින් බහින්න.. කියපුවහම කවුරුත් දන්නවා.. එතන ඉදලා පොඩි දුරක් තමයි යන්න තියෙන්නෙ.. පයින් යන්න පුලුවන්..පොඩි දුරක් තමයි තියෙන්නේ..
පන්සලට ඇතුල් වෙලා එතැන් පටන් යන්න පුළුවන් .. කන්ද මුදුනටම පඩි පෙල තියනවා.. ටිකක් දුර යන්න තියනවා.. ඇත්තටම හවසක නැතිනම් උදේම නගිනව නම් ගොඩක් පහසුයි.. වුනාට මග දිගටම වෙළද සැල් තියනවා.. වගේම පාර දෙපැත්තෙම ගස් තියන නිසා හෙවන තියනවා උඩට යනකන්ම.. තව ඉතින් ගිමන් නිවාගන්න තැන් තියනව මග දිගටම.. උඩට ගියාම නම් මහන්සි ඔක්කම නැති වෙනවා.. පුදුම ලස්සන දර්ශනයක් තියෙන්නෙ දකින්න.. උඩ තියෙන බෝධිය,දේවාලය ඇතුලු ගොඩක් දේවල් තියනව නරබන්න..පූජාව තියෙන වෙලාවට නම් ටිකක් පොඩි තදබදයක් නම් තියනවා..තියෙන හුලගත් එක්ක රස්නේ නම් දැනෙන්නේ නෑ.. මෙතැන උඩටම වාහනයක වුනත් එන්න පුලුවන්.. මෙතනින් වුනත් වාහනයක් කුලියට ගන්න පුළුවන්..
ඉතින් පුළුවන් වෙලාවක යන්න ඔයාලත්.. යනකොට මග දිගට ඉන්න වදුරන්ගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.. තව කියන්න දුකයි මෙතන අපේ අය ප්ලාස්ටික් බෝතල් ,කවර ,කොල හැම තැනම විසිකරලා පරිසරය විනාස කරලා.. නිසා ආදරෙන් ඉල්ලන්නේ එහම කරන්න එපා.. හැමදාම වගේ ඉල්ලන්නේ මේ පරිසරයටත් ආදරය කරන්න.. රැකගන්න.. අපි තිරික්කලේ විදියට ඒක හැමදාම අගය කරනවා..

















Monday, December 19, 2016

කඩදොර විහාරය (kadadora Temple)




කලාතුරකින් දැකගන්න පුලුවන්, යන්න පුලුවන් තැනක් ගැන  තමයි අද අපි විස්තර කියන්න යන්නේ.පුජණිය ස්ථානයක් වගේම සුන්දර තැනක්. කාලෙකට වතුරින් යටවෙනවා. කාලෙකට ආපහු දැකගන්න පුළුවන් . හැබැයි පොඩි කාලෙකට.
තියන තැන ඉදලා විස්තර කියන්න පටන් ගන්නම්.. තියෙන්නේ කොත්මලේ ජලාශයේ..අන්න ඒකයි කාලෙකට විතරක් බලන්න පුළුවන්. මොකද ජලාශය පිරෙනකොට මෙය වතුරින් යටවී නොපෙනී යනවා... නිසා මෙය දකින්නට අවස්ථාවක් එන්නේ පෑවිල්ලක් කාලෙකට තමයි.. ජලාශයේ වතුර මට්ටම ගොඩක් අඩු වුන කාලෙකට මෙය වතුරෙන් මතු වෙනවා.. නිසා හරියටම කියන්න බෑ මොන වගේ කාලෙකට මෙය නරඹන්න පුළුවන්ද කියලා.කොත්මලේ ව්‍යාපෘතිය ආරම්භයත් සමග ගම්මානයන් කිහිපයක් වතුරෙන් යටවිය.. ඒත් සමග මෙම විහාරයන් ජලයෙන් යටවිය.. පිළිබඳ කතා සහ විස්තර අවට වයසක උදවිය හරි අපූරුවට අදටත් මෙතනට පැමිණ හරි ආසාවෙන් වගේම හැගීම් බරව මතක් කරන අයුරු අපිටද දකින්නට ලැබුනා..
යන්න පුළුවන් විදිහ කියන්නම් පහසු විදිහට. නුවර ඉදලා ගම්පොළ නගරය පහුකරන් උලපනේට එන්න.. එතන මංසන්දියෙන් වම පැත්තට තියන කොත්මලේ පාරෙන් තමයි යන්න ඕනා. අපි නම් සුපුරුදු බස් වල ගිහින් එතන ඉදලා ත්‍රීවිල් එකකින් ගියා. නුවර ඉදලම තියෙන්නේ 40Km වගේ. පැයයි විනාඩි 40න් වගේ යන්න පුළුවන්.. මෙතැන බල්ලන් තියන දේවල් නම් ගොඩයි.. ඒවා අනිත් ලිපි වලින් කියන්නම්..
එහනම් අයෙත් වරක් මෙය නරඹන්න පුළුවන් වතුරෙන් මතුවුණා කියලා ආරංචියක් ලැබුන ගමන් පුළුවන් ඉක්මනට ගිහින් නරඹන්න.. ෆොටෝ ටික බලන්න වචන වලට හරවන්න බැරි ගොඩක් සුන්දර දේවල් ෆොටෝ කියාවි..