ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

කරඪුලෙන විහාරය (Karadu lena temple)



 මදුනාගල කියපු ගමන් ඔන්න ඔක්කටම එක පාරම මතක් වෙන්නේ උණුදිය උල්පත්. අපි දැන් කියන්නේ යන්නේ ඒ ගැන කියලා නම් ඔන්න දැන් හිතන්න එපා. ඒක ගැන අපි වෙනම ලියලා ඇති. අපි මේ කියන්න යන්නේ ඒ ලග පාතම තියන ඉතාමත් ලස්සන වැඩිය ප්‍රසිද්ධ නැති තැනක් ගැන කියන්න..
මදුනාගල උණුදිය උල්පත් ලගට යනකොට තමා අපිත් මෙතන ගැන දැනගත්තේ.. ඒ තමා කරඪුලෙන ආරණ්‍ය. උණුදිය උල්පත් ලගට යනකොට ඕන කෙනක්ට ඈතින් කදු මුදුනක සමාධි බුද්ධ පිළිමයක් පේනවා. ඒ මේ ආරණ්‍ය. උණුදිය උල්පත් ලග ඉදලා 2KM ක් වගේ දුරකින් තමා මෙතැන පිහිටලා තියෙන්නේ.
අපිට උණුදිය උල්පත් බලපු ගමන් මෙතනට යන්න පුදුම උවමනාවක් තිබුන. අපි පාර අහගෙන තමයි ගියේ. කැලය මැදින් වැටුන පාරක තමා යන්න වෙන්න.. හවසක යන එක නම් ඒ තරම් ඇගට ගුණ මදි වගේ .. ඒ හින්දා උදේක නැතිනම් දහවල් කාලෙක යනන්..
තැන් දෙකකින් නගින්න පුළුවන්.. කන්දක් හින්දා නගින්න බලන්ම යන්න..උඩට නගින්න ඒ තරම් අමාරු නැ. මතක තියාගන්න මෙතැන ස්වාමීන් වහන්සේවරු භාවනා යෝගීව වැඩවාසය කරන ස්ථානක්. මෙහි ලෙන් කුටීර සහ යම් ස්ථාන ඡායාරූප ගෑනිමට අවසර නෑහෑ. ඒ පිළිබඳව හොදින් මතක  තබා ගන්න.
මෙහි ඉහලටම ගියාපුවහම ඔයාලට ඉතා විශාල භුමි දර්ශනයක් දැකගන්න පුළුවන්. අවට මුළු ප්‍රදේශයම මෙතනට පුදුම ලස්ස්නකට පේනවා.ඉතා නිස්කලංක හිතට සැනසුමක් ගෙනදෙන ස්ථානයක් කියන්න පුළුවන් . ඔයාලත් මදුනාගල උණුදිය උල්පත් ලගට ගියපු වෙලාවක ගිහින් බලන්න. පන්සලක් බව මතක තබාගන්න කියලා ආපහු ආදරෙන් මතක් කරනවා. 
 




































 

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්