ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

මෝදර වෙරල (modhara beach)

ලංකාව වටේම මුහුද.. ඒක ඉතින් අපි ඔක්කම දන්නා දෙයක්. ඔය අතරේ මොන තරම් ලස්සන වෙරළ තීරයන් කොපමණ තියෙන්න පුළුවන්ද අපි  නොදන්න.. අපි ගියපු ඒ වගේ තැනක් ගැන තමා අද මේ කියන්න යන්නේ..



තිස්සමහාරාමයට ආපුවහම කවුරුත් යන්න ආසා කරන තැනක් තමයි කිරින්ද වෙරළ තිස්ස ඉදන් කිරින්ද යනකොටම තමා මෙම සුන්දර වෙරළ අපිට හමුවෙන්නෙ. මේ මෝදර වෙරලයි. කිරින්ද වෙරල ආසන්නයේ තරමක් ඈතින් පිහිටා ඈති මෙම මෝදර වෙරල තීරය එතරම් ප්රසිද්ධ නෑති නිසා කවුරුත් දන්නේ කිරින්ද වෙරල විතරයි. කිරින්ද පන්සල ලගින් තියෙන මුහුද දෙසට තියෙන පාරෙන් ඔබට මග දෙපස අසිරිය විදගන්න ගමන්  මේ ස්ථනයට ලගාවෙන්න පුලුවන්. මෙහි විශේශත්වය නම් මෙම ස්ථානයෙන් ඔබට කරදිය සහ මිරිදිය දෙකෙම එකම තැනකින් නාගන්න පුළුවන්.. ලස්සන දැකගන්න නම් ටිකක් හවස් වෙන්න වගේ මෙතනට යන්න.. ඉර බහින වෙලාවට අමුතුම ලස්සනක් දැකගන්න පුළුවන්.ගල්කුළු වලින් වටවුන මෙතන නොගබුරු වෙරලක් තියෙන්නේ.. ඒ හින්දා  නාන්න බයවෙන්න එහම ඕන නෑ... ඉතින් ඔබත් කිරින්දට අවොත් මෙතනට ගිහින් එන්න අමතක කරන්න එපා.











No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්