ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

රහතන් කන්ද (RAHATAN KANDA)




බදුල්ලට කෝච්චියෙන් ආපු තිරික්කලේ අපිට බදුල්ල පුරවරයේ ඉන්න හිටින්න වගේම ඇවිදින්න ඕනා ස්ථාන ගැන නම් ලොකු දැනීමක් නම් තිබුනේ නැ. ඒකට අපි කලින් සුදානම් වුණා. බදුල්ලේ ATI එකේ අපේ පාඨමාලාවේ සහෝදරියක් අපිට උදව් වුණා.ඒක මතක් කරන්නම ඕනා.
.
 ඔන්න තිරික්කලේ අපි ඔක්කම් අලුත් තැනක් බලන්න පිටත් වුණා උදේම.ඒ රහතන් කන්ද නගින්න. යන්න අපි නම් සුපුරුදු පරිදි තෝරාගත්තේ පොදු ප්‍රවාහන සේවය තමයි. ඒ කියන්නේ බස් එකේ තමයි අපි ගියේ.බුත්තලට ගිහින් බුත්තල,මොණරාගල බස් එකකින් ගිහින් ගම් උදාව ගාවින් බැහැපුවම රහතන් කන්ද නගින්න පටන් ගන්න පන්සල ගාව.බුත්තල ඉදලා විනාඩි 20ක් වගේ තමයි ගතවෙන්නේ ගමනට.

 එතනින් බැහලා පන්සලට ගිහින් කන්ද නගින්න පටන් ගන්න පුළුවන් පඩිපෙල් වලින්. හැබැයි ටික දුරයි. එතන ඉදලා පාර හොයන් තමයි යන්න වෙන්නේ. කන්ද ගෑන දන්න කෙනෙක් එක්ක යනවනම් වඩාත් හොදයි මොකද පාර හොයාගෙන නගින්න වෙන නිසා අතරමන් වෙන්න ඉඩ තියෙනවා. තිරික්කලේ අපිත් අතරමන් වෙල බොහොම අමරුවෙන් තමයි පාර හොයාගත්තේ. දවල් කාලෙ නගින එක වඩාත් හොදයි ඒක අලුත් අත්දැකීමක්.කන්ද මුදුනටම ගියාපුවහම නම් ඔක්කම මහන්සි අමතකයි.
 මතක තියා ගන්න මෙතන භාවනා යෝගීව වැඩ වසන සඝරුවනට බාධාවක් නොවන්න හැසිරෙන්න වගබලාගන්න. එය ඔබ සිහියේ තබාගත යුතුම දෙයකි.ඉතින් ඔයාලත් ගිහින් බලන්න අපි අත්විදී ඒ සුන්දරත්වය..
















































































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්