ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

හුම්මානය (Blowhole)


තිරික්කලේ අපි තිස්ස යන අතරමග අපිට හමුවුනා තවත් එක් සෑගවුනු සුන්දර ස්ථානයක් තමයි ශ්‍රී ලන්කවේ දකුනු වෙරල තීරයේ සුන්දරත්වය මෑනවින් විදහාපාන හුම්මානය. මාතර තිස්ස මාර්ගයේ නාකුලුගමුව නම් ප්‍රදේශයේ මෙය පිහිටා තිබෙනවා. ප්‍රධාන මාර්ගයෙන් හෑරී ටිකදුරක් ගමන් කිරිමට සිදුවෙනවා. මෙ සදහා ඔබගේ පෞද්ගලික වාහනයක් හො ත්‍රීරෝද රථයකින් ගමන් කිරීමට පුලුවන්. තිරික්කලේ අපිත් ත්‍රීරෝදරථයකින් එතනට ලගාඋනා. පිවිසුම් ස්ථානය මනාව නිර්මානය කර තිබෙන්නේ පෑමිනෙන කොයිකාටත් හුම්මානයේ අතීත හා වර්තමාන විස්තර හොදින් පෑහෑදිලිවන ආකාරයටයි. ලාන්කිකයනට නොමිලේ ඈතුල් විය හෑකි වුවද විදේශිකයන්ටනම් ප්‍රවෙශපත් මිලදීගනීමට සිදුවෙනවා. අවට වටපිටාව ප්‍රමානයෙන් කුඩා වුවත් කාගේත් සිත් ඈදගනේමට සමත් වෙනවා. හුම්මානයේදි වෙන්නේ මහ සයුරේ ගොඩට අදෙන යෝධ රල පහරවල් විශාල ගල්පර දෙකක් තුලට පෑමිනීම හේතුවෙන් අතිවන තෙරපීමෙන් රල පහර ගල්පරයේ විවරය තුලින් ඉහලට විහිදීමයි. තිරික්කලේ අපිනම් මේක හොදටම දෑකගන්න වාසනාවන්ත උනා. හෑබයි මෙක හෑමවෙලවෙම බලන්නනම් අමාරුයි. දහවල් කාලයෙ තමයි හොදින් බලන්න පුලුවන්. සමහරවෙලාවට මෙක අඩිගානක් උඩට විහිදෙනව. එක ඉතින් යන අයගෙ වාසනාව තමයි. ආරක්ශාව සදහා වෑටක් ඉදිකර තිබෙන්නේ අතීතයේදී මෙහි අනතුරු කීපයක්ම වෙල තියෙන නිසයි. තිරීක්කලේ අපි ඔබට කියන්නෙ ප්‍රවෙශමෙන් හුම්මනය නරඹන අතර අවට පරිසරයේ සුන්දරත්වයද ආරක්ශාකරන ලෙසයි.










 


























No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්