ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

බෝපත් ඇල්ල (bopath ella waterfall)

අඩවි කන්ද හරහා සිරිපා කරුණා කරපු තිරික්කලේ අපි ගමන් මහන්සිය නිවාගන්නත් එක්ක හරි සොදුරු ස්ථානයකට යන්න තීරණය කළා.. ඒ ලංකාවේ සුන්දරම දිය ඇල්ලක් වන බෝපත් ඇල්ල වෙත.

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේ අඟලවත්ත නම් ගමේ. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් විතර දුරින් පිහිටලා තියෙන්නේ..

මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන නිසා  මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල විදියට හදුන්වනවා. බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ.












No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්