ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

සීගිරිය සහ සීගිරි කෞතුකාගාරය(Sigiriya and sigiriya museum)

ඔන්න නිවාඩුවක් ලැබුනා කියන්නේ තිරික්කලේ ඔක්කටම ගමනක් තමයි .. වැඩිය හිත හිත හිටියේ නැතුව අපි තෝරාගත්තා තැනක් බලන්න යන්න.. ලංකාවේ ඉදලා බැලුවේ නැත්ත්ම් සංචාරකයෙක් වෙලා මොකටද කියල හිතෙන තැනක්.. ඒ තමයි සීගිරිය..

සීගිරියට එන්න නම් කුරුණෑගල දඹුල්ල මාර්ගයේ දඹුල්ලට ඇවිත් හෝ නුවර මාතලේ හරහා A9 එක දිගේ දඹුල්ලට ඇවිත් දඹුල්ල නගරය පසු කර ටික දුරක් අනුරාධපුරය දෙසට ටික දුරක් එනකොට සීගිරියට එන මාර්ගය හමු වේ. එම මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ ගමන් කල විට සීගිරි පර්වතය වෙත ලගා විය හැක.


සීගිරිය නගින්න නම් සුදුසුම වෙලාව උදෑසන කාලය හෝ සවස් කාලයයි.. නැති නම් අධික හිරු රශ්මියක් සහ උණුසුමක් විදගන්න වෙනවා..ඒ කොහම වුනත් අපි උඩට යන්න පඩිපෙල් නගින්න පටන් ගත්තා.. සිංහ පාදය, සීගිරි බිතුසිතුවම්, කැටපත් පවුර ආදිය පසුකරන් මුදුනටම ගොඩවෙන එක අමුතුම වගේම සිත් ඇදගන්න දෙයක්..
දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විතය.

මෑතකදී ඉදිකල සීගිරි කෞතුකාගාරයද මහජනයාගේ ආකර්ශනය දිනාගෙන තිබෙනවා. එහි සීගිරි ඉතිහාසය පිලිබද තොරතුරු ඈතුලත් වෙනව. සීගිරි භූමි ප්‍රදේශයේ ආකෘතියක්, කෑටපත්පවුරේ ආකෘතියක් සහ සීගිරි බිතුසිතුවම් වල ආකෘතිවලින්ද මෙය සමන්විතයි. තවත් බොහෝ දෑ අතුලත් වන සීගිරි කෞතුකාගාරයේ යම් යම් ස්ථාන වල ඡායරූප ගෑනීමනම් තහනම්. ලොඉක උරුමයන් අතරට ඈතුලත්වන සීගිරිය ශ්‍රිලාන්කික අප  සෑමගේ වටිනා සම්පතකි.  

















































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්