Wednesday, May 20, 2015

සීගිරිය සහ සීගිරි කෞතුකාගාරය(Sigiriya and sigiriya museum)

ඔන්න නිවාඩුවක් ලැබුනා කියන්නේ තිරික්කලේ ඔක්කටම ගමනක් තමයි .. වැඩිය හිත හිත හිටියේ නැතුව අපි තෝරාගත්තා තැනක් බලන්න යන්න.. ලංකාවේ ඉදලා බැලුවේ නැත්ත්ම් සංචාරකයෙක් වෙලා මොකටද කියල හිතෙන තැනක්.. ඒ තමයි සීගිරිය..

සීගිරියට එන්න නම් කුරුණෑගල දඹුල්ල මාර්ගයේ දඹුල්ලට ඇවිත් හෝ නුවර මාතලේ හරහා A9 එක දිගේ දඹුල්ලට ඇවිත් දඹුල්ල නගරය පසු කර ටික දුරක් අනුරාධපුරය දෙසට ටික දුරක් එනකොට සීගිරියට එන මාර්ගය හමු වේ. එම මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ ගමන් කල විට සීගිරි පර්වතය වෙත ලගා විය හැක.


සීගිරිය නගින්න නම් සුදුසුම වෙලාව උදෑසන කාලය හෝ සවස් කාලයයි.. නැති නම් අධික හිරු රශ්මියක් සහ උණුසුමක් විදගන්න වෙනවා..ඒ කොහම වුනත් අපි උඩට යන්න පඩිපෙල් නගින්න පටන් ගත්තා.. සිංහ පාදය, සීගිරි බිතුසිතුවම්, කැටපත් පවුර ආදිය පසුකරන් මුදුනටම ගොඩවෙන එක අමුතුම වගේම සිත් ඇදගන්න දෙයක්..
දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විතය.

මෑතකදී ඉදිකල සීගිරි කෞතුකාගාරයද මහජනයාගේ ආකර්ශනය දිනාගෙන තිබෙනවා. එහි සීගිරි ඉතිහාසය පිලිබද තොරතුරු ඈතුලත් වෙනව. සීගිරි භූමි ප්‍රදේශයේ ආකෘතියක්, කෑටපත්පවුරේ ආකෘතියක් සහ සීගිරි බිතුසිතුවම් වල ආකෘතිවලින්ද මෙය සමන්විතයි. තවත් බොහෝ දෑ අතුලත් වන සීගිරි කෞතුකාගාරයේ යම් යම් ස්ථාන වල ඡායරූප ගෑනීමනම් තහනම්. ලොඉක උරුමයන් අතරට ඈතුලත්වන සීගිරිය ශ්‍රිලාන්කික අප  සෑමගේ වටිනා සම්පතකි.  

















































Tuesday, May 19, 2015

යාල කෑලෑව පලමු කොටස (yala).



තිරික්කලේ අපි හරි අපූරු තෑනකට ගියා. තමයි කවුරුත් දන්න යාල වන උද්යානයට හෑබෑයි බලන්න නෙමෙයි රෑයක් නවතින්න. තිරික්කලෙන් කෑලෑවෙ යන්න බෑරි නිසා අපි ගත්තා ජිප් එකක්. අපි ගමන් කරේ සාමාන්යයෙන් යාල නරඹන කලාපයේ නම් නෙමේ මෙ කතරගමින් බුත්තල මාර්ගයෙ ගල්ගේ නමෑති ප්රදේශයේ තිබෙන කලාප අන්ක 3 අයිතිවෙන පෑත්තක්. වෙහෙරගල ජලාශෙ තියෙන්නෙත් මෙ පෑත්තෙම තමයි. බුත්තල මාර්ගයේ ගමන් කරන ඔනෑම කෙනෙකුට මගදි හමුවන අපූරු අමුත්තෙක් ඉන්නව අමුත්තා තිරික්කලේ අපිටත් සෙට් උනා. තමයි ගෑමුනු කියන අලියා පාරෙ යන එන වාහන හරස් කරගෙන වගෙන් කෑම ඉල්ලගෙන කන එක තමයි මෙයගෙ පුරුද්ද.  එක අලුත් අත්දෑකීමක් උනත් ඉතා අවදානම් වෑඩක් කියල මතක තියගන්න. වනජීවී කාර්යාලයෙන් ප්රවෙශපත් මගපෙන්වන්නකු රෑගෙනයාම අනිවාර්යයයි. නෑවතිමට තිබෙන ස්ථානයේ තිබෙන්නෙ ලී වලින් සාදන ලද ගෙයක් පමනි. අනෙකුත් සියලු දෑ අප විසින් සපයාගත යුතුයි. ලග තිබෙන ගගෙන් වතුර ලබා ගනීමට හෑකි. රාත්රිය මෙහි ගතකර උදෑසන සතුන් නෑරඹිම සදහා පිටහ්ත්වීම සාමාන්ය සිරිතයි. ඔබත් හෑකි අවස්ථාවක මෙහි පෑමින මෙ අපූරු අත්දෑකීම විදගන්නා ලෙස තිරික්කලේ අපි ආරධනා කරමු. විශේශයෙන් ස්වභාව ධර්මයට හානි නොවන අයුරින් කටයුතු කරන ලෙස අපි ඔබගෙන් ඉල්ල සිටිමු.
...



















Sunday, May 17, 2015

ඇතුගල ,කුරුණෑගල (Athugala,Kurunegala)

තිරික්කලේ අපි ටික  නිවාඩුවට ලංකාවේ කොහේ හරි තැනකට යනවා අලුත් අත්දැකීම් ටිකක් ගන්න. ඒ අපි ඔක්කටම තියන ඇවිදින්න, සංචාරය කරන්න තියන ආසාව නිසාමයි. අපි මේ සැරේ තෝරගත්තේ කුරුණෑගල අවට ඇවිදින්න. අද තිරික්කලෙන් කියන්න යන්නේ එහම ගියාම අපි ගොඩ වුන ඇතුගල ගැන..

කුරුණෑගල නගරයට ලගා වෙනකොටම කාට වුවද දැකගන්න ලෑබෙන පළමු දේ තමයි විශාල ගල් කුලක් උඩ තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමාව.. ඒ කුරුණෑගල නගරය වගේම ඇතුගල අදුරගන්න තියෙන හොදම විදිහ..
කුරුණෑගල නගරයේ දඹුල්ල මාර්ගයට ගොස් ටික දුරක් යනවිට හමුවන කච්චේරිය මාර්ගයෙන්, නුවර මාර්ගයේ සිනමා හල සහ කොමෂල් බැංකුව අතර මාර්ගයෙන් , වෙලගෙදර ක්‍රීඩා පිටිය අසල මාර්ගය යන  මාර්ග අතරින් කුමන මාර්ගයකින් වුවද ඇතුගල ගොඩවීමට පිවිසිය හැක.

මෙහිදී වාහනයකින් වුවද මෙය තරණය කල හැක. පර්වතය දිගේ පඩිපෙල් මතින් තරණය කොට පහලට පැමිනීමට මාර්ගය තෝරාගැනීමේන් උපරිම ආශ්වාදයක් සේම අත්දැකීමක් ලබා ගත හැක











 


































බෝපත් ඇල්ල (bopath ella waterfall)

අඩවි කන්ද හරහා සිරිපා කරුණා කරපු තිරික්කලේ අපි ගමන් මහන්සිය නිවාගන්නත් එක්ක හරි සොදුරු ස්ථානයකට යන්න තීරණය කළා.. ඒ ලංකාවේ සුන්දරම දිය ඇල්ලක් වන බෝපත් ඇල්ල වෙත.

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේ අඟලවත්ත නම් ගමේ. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් විතර දුරින් පිහිටලා තියෙන්නේ..

මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන නිසා  මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල විදියට හදුන්වනවා. බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ.