Tuesday, November 3, 2015

පහන් තුඩාව දිය ඇල්ල (pahanthudawa waterfal)

අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ සුපුරුදු තැන් කිහිපයකට විතරක් සීමා වෙලා සංචාරය කරන්න .. හැබයි අපි නම් අලුත් සුන්දර තැන් හොයාගෙන යන්න ආසා කරන කන්ඩායමක්. අපි බෙලිහුල්ඔය පැත්තේ ඇවිදිනකොට අපිට ඒ වගේ තැනක් අපිට අහන්න ලැබුනා .. අපි ඔන්න එතැනට යන්න තීරණය කළා. ඒ  පහන් තුඩාව දිය ඇල්ල.

හිරිකටුඔය හෝටලය අසලින් තියන අතුරු පාරක ටික දුරක් යනකොට මෙතනට යන්න පුළුවන්. ප්‍රධාන මාර්ගයේ  දිය ඇල්ල පිළිබඳ තොරතුරු පුවරුව දැකගන්න පුළුවන් නිසා පහසුවෙන් හොයාගන්න පුඑවන්. අතුරු පාරේ ටික දුරක් යනකොට විදුලි බලාගාරයක නාම පුවරුවක් දකින්න පුළුවන්. එතනින් තමා දිය ඇල්ලට යන්න පුළුවන් .. අපිට නම් ටිකක් හොයාගන්න අමාරු වුනා  පළමු පාර නිසා.
එතන ඉදලා නම් හොයාගන්න අමාරු නෑ.. ටික දුරක් පයින් යන්න ඕනා.. ලොකු දුරක් නෙවෙයි.ටිකක් පරිස්සම් වෙන්න ඕන , මොකද මෙතන වතුර මට්ටම ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. මෙතනට ගියාට පස්සේ නම් වෙනම පරිසරයක් .. පහන් තුඩාව දකින්න නම් උඩුගම් බලා ටික දුරක් යන්න වෙනවා .වැඩිම වුනොත් මීටර් 200ක් විතර.
දෙපැත්තම කළුගල් වලින් වට වෙලා තමයි මෙතන හැදිලා තියෙන්නේ. ඒක නම් අමුතු සුන්දරතත්වයක් මවනවා. මෙතන ලගට ගියාට ගොඩක් පරිස්සම් වෙන්න වගබලා ගන්න අනිවාර්යෙන්ම . මෙතන  සුන්දරත්වය වගේම ඉතාම ගැබුරු ස්ථානයක් .

වෙලාවක් ලැබුන විටෙක ගිහින් බලන්න.. වෙනදා වගේම මතක් කරනවා මේ ලස්සන පරිසරයට හානියක් කරන්න නම් එපා..













Saturday, October 3, 2015

කිරිදී ඇල්ල (kiridi ella waterfall)

අපි ලංකාව පුරාම ඇවිදින්නේ නොදුටු ඇස නොගැටුණ ලස්සන සුන්දර තැන් සියැසින් දැකගන්න තියන ආසාවට.
ලැබුන නිවාඩුවත් සමග බේලිහුල්ඔය පැත්තේ යන්න අපි තීරණය කළා. ඒ අපිට බලන්න උවමනා වුන දිය ඇලි කිහිපයක් නරඹන්න.. සුපුරුදු පරිදි අපි ගමන පිටත් වුනා.. අපි එකටම තෝරාගත්තේ වැඩි ප්‍රසිද්ධියක් නැති පැල්මඩුල්ල නගරයට ටිකක් ආසන්නයෙන් තියන කිරිදී ඇල්ල සුන්දර දිය ඇල්ලයි.
පැල්මඩුල්ල නගරයේ ඉදලා 6KM විතර දුරින් තමයි පිහිටලා තියෙන්නේ. අපි යනකොට නම් යන පාර ටිකක් කැඩිලා. ඒ හින්දමද  කියලා හිතුනා මෙතනට එන සංචාරක පිරිස අඩු වෙලා තියෙන්නේ. පාර ගාව ඉදලාදිය  ඇල්ල ලගටම යන්න පඩිපෙල් තියෙනවා. නරඹන්න ස්ථාන පවා ඉදිකර තිබෙනවා.. නමුත් මේ වනවිට නම් මේ සියල්ල ටික ටික විනාශ වෙන බවක් දකින්න පුළුවන්.

ටිකක් දුර පහළට බැස්සහම ඔන්න දිය ඇල්ල ලගටම යන්න පුළුවන් .. ඉතා විශාල වගේ ඉතාමත් සුන්දර දිය ඇල්ලක් කියලා ඔයාලට තේරන්නේ එතනට ගියහමයි.. වැඩිය වතුර නැතිනම් මේ දිය කොමලි අගර දගර පාමින් ගලා වැටෙන අපූරුව හොදට දැකගන්න පුළුවන් .. ඒ සුන්දර වටපිටාවක් මෙතන දකින්න පුළුවන්. මතක තියාගන්න පරිස්සම ගොඩක් වැදගත් . මෙහි ජල මට්ටම වෙනස් වෙනන පුළුවන් ඉක්මනටම. ඒ නිසා ඒ ගැන අවධානයේන් ඉන්න නම් ඕන.

එහනම් ඔයාලත් නිවාඩුවක් ලද වෙලාවක ගිහින් බලන්න.. හැබයි මේ සුන්දර පරිසරය රැකගන්න මතක තියාගන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා වෙනදා වාගේම..
















Thursday, September 10, 2015

මරදමඩු දේවස්ථානය. (Madu church)



අපෙ රටේ විවිධ ආගමික ස්ථාන ගොඩාක් දකින්න පුලුවන්. වෑඩි වශයෙන්  බෞද්ධ ආගමික ස්ථාන තිබුනද එ අතර අනෙකුත් ආගමික ස්ථනද අපට හමුවනවා. ඉතින් අද තිරික්කලේ කියන්න හදන්නෙ ඒවගේ විශේශ තෑනක්. ශ්රීලන්කාවේ මන්නාරම් දිස්ත්රික්කයේ පිහිටා තිබෙන මේ තෑන කතෝලික ජනතාවගේ මහත් ගෞරවාදරයට පත් ශුද්ධවු මරදමඩු දේවස්ථානයි. මන්නාරමේ සිට යාපනය ප්රධාන මාර්ගයේ ගමන් කරන ඔබට මඩු දෙවස්ථාන ප්රධාන පිවිසුම් මාර්ගය දෑකගන්න පුලුවන් එතනින් ඔබට මඩු පූජා භූමියට ඈතුලු වන්න පුලුවන්. අතීතයේ මෙම ප්රදේශ එල්.ටි.ටි ත්රස්ථවාදීන්ගේ පාලනයේ පෑවතියද යුද්ධය නිමාව්මත් සමගම මෙය සාමකාමී ප්රදේශයක් බවට පත් වුවා. ඉතා දීර්ග ඉතිහාසයක් ඈති මෙමෙ


මරදමඩු දේවස්ථානය සම්පුර්නයෙන්ම වාගේ වනාන්තර්යෙන් වටව් තිබෙනවා. මෙහි තිබෙන ශුද්ධවු මරදමඩු ප්රතිමාව හා පූජා භූමිය තුල විවිධ හාස්කම් පවතින බවට ශ්රීලාන්කික මෙන්ම විදේශික කතෝලික ජනතාව තුලත් දෑඩි විශ්වාසයක් පවතිනවා. එම නිසාම වාර්ශිකව ඉතා විශාල බෑතිමතුන් ප්රමානයක් මෙහි පෑමිනෙනවා. එ අතර අන්යාගමිකයින්ද සිටිනවා. මේ වනවිට පෑමිනෙන බෑතිමතුන්ට අවශ්ය සියලු මූලික පහසුකම් මෙහි සපයා තිබෙනවා. ඉතා සුන්දර වටපිටාවකින් සමන්විත මේ පූජාභූමිය ශ්රීලාන්කික අපහට මහත් සම්පතකි. ඉතින් ඔබ කතොලිකයකු වුවත් බෞද්ධයකු වුවත් වෙනත් ආගමිකයකු වූවත් මෙම දේවස්ථානය නෑරඹිමට වෑදුම් පිදුම් කිරීමට කිසිම බාධාවක් නෑහෑ. තිරික්කලේ අපිත් ඔබට ආරාධනා කරන්නේ ඔබෙ ආගම කුමක් වුවත් යාපනේ යන අතරමග හමුවන මෙමෙ සුන්දර දේවස්තාන්යට ගොඩවන ලෙසයි මතක තියාගන්න මෙය ශුද්ධවු භූමියක් නිසා එ පිලිබද සෑලකිලිමත් වන්න.





Wednesday, September 2, 2015

කරඪුලෙන විහාරය (Karadu lena temple)



 මදුනාගල කියපු ගමන් ඔන්න ඔක්කටම එක පාරම මතක් වෙන්නේ උණුදිය උල්පත්. අපි දැන් කියන්නේ යන්නේ ඒ ගැන කියලා නම් ඔන්න දැන් හිතන්න එපා. ඒක ගැන අපි වෙනම ලියලා ඇති. අපි මේ කියන්න යන්නේ ඒ ලග පාතම තියන ඉතාමත් ලස්සන වැඩිය ප්‍රසිද්ධ නැති තැනක් ගැන කියන්න..
මදුනාගල උණුදිය උල්පත් ලගට යනකොට තමා අපිත් මෙතන ගැන දැනගත්තේ.. ඒ තමා කරඪුලෙන ආරණ්‍ය. උණුදිය උල්පත් ලගට යනකොට ඕන කෙනක්ට ඈතින් කදු මුදුනක සමාධි බුද්ධ පිළිමයක් පේනවා. ඒ මේ ආරණ්‍ය. උණුදිය උල්පත් ලග ඉදලා 2KM ක් වගේ දුරකින් තමා මෙතැන පිහිටලා තියෙන්නේ.
අපිට උණුදිය උල්පත් බලපු ගමන් මෙතනට යන්න පුදුම උවමනාවක් තිබුන. අපි පාර අහගෙන තමයි ගියේ. කැලය මැදින් වැටුන පාරක තමා යන්න වෙන්න.. හවසක යන එක නම් ඒ තරම් ඇගට ගුණ මදි වගේ .. ඒ හින්දා උදේක නැතිනම් දහවල් කාලෙක යනන්..
තැන් දෙකකින් නගින්න පුළුවන්.. කන්දක් හින්දා නගින්න බලන්ම යන්න..උඩට නගින්න ඒ තරම් අමාරු නැ. මතක තියාගන්න මෙතැන ස්වාමීන් වහන්සේවරු භාවනා යෝගීව වැඩවාසය කරන ස්ථානක්. මෙහි ලෙන් කුටීර සහ යම් ස්ථාන ඡායාරූප ගෑනිමට අවසර නෑහෑ. ඒ පිළිබඳව හොදින් මතක  තබා ගන්න.
මෙහි ඉහලටම ගියාපුවහම ඔයාලට ඉතා විශාල භුමි දර්ශනයක් දැකගන්න පුළුවන්. අවට මුළු ප්‍රදේශයම මෙතනට පුදුම ලස්ස්නකට පේනවා.ඉතා නිස්කලංක හිතට සැනසුමක් ගෙනදෙන ස්ථානයක් කියන්න පුළුවන් . ඔයාලත් මදුනාගල උණුදිය උල්පත් ලගට ගියපු වෙලාවක ගිහින් බලන්න. පන්සලක් බව මතක තබාගන්න කියලා ආපහු ආදරෙන් මතක් කරනවා.